පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන රජයේ රෝහල්වල නිතිපතා සායනවලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ලබාදීමට රජය කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් පවසයි.
වර්තමානයේ රට තුළ ව්‍යාප්ත වී යන කොවිඩ් – 19 රෝග ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝග සහිත වැඩි වයස් ජන කොට්ඨාස රෝහල් සායන වෙත පැමිණීම සුදුසු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව වෙත අවධාරණය කරන අතර රෝහල් සායනවල අධික තදබදය හේතුවෙන් රෝගීන් වෙත මෙම රෝගය පහසුවෙන් බෝ විය හැකි බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
එනිසා එම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නිවසටම ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් ලබන අගහරුවාදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සැළසුම් කර ඇති අතර මෙම වැඩපිළිවෙළ පළමුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දීප ව්‍යාප්ත කරන බව වෛද්‍ය එස් ශ්‍රීධරන් කියා සිටියේය.
