ඇදිරි නීතිය තව දින කිහිපයක් ක්‍රියාත්මකයි – හමුදාපති

by admindasun
0 comment 167 views

මේ වන විට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ඇදිරි නීතිය තව දින කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

ඊට හේතුව ඊයේ දිනයේදීත් හදුනාගත් එම ප්‍රදේශවලින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාධිතයින් හදුනාගැනීම වන අතර අදාළ විමර්ෂණ කටයුතු අවසන් වන තුරු එම ප්‍රදේශවලට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසුවේය.

පැතිර යන කට කතා ප්‍රතික්ෂේප කළ යුධ හමුදාපතිවරයා කියා සිටියේ පසුගිය දින කිහිපය පුරා හදුනා ගැනුණු කොවිඩ් රෝගීන් සියලු දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධකම් කියන අය බවට මේ වන විට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව මෙම කම්හලේ සියලු සේවකයින් මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ වන විට යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96ක පමණ 10250ක පමණ පිරිසක් නිරෝධායනය වෙමින් පවතින බවයි.

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පැවැත්වෙන ප්‍රද‌ේශවල අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් 05 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වවූ අතර හෙට දිනයේදී උසස් පෙළ විභාගය ආරම්භ කර පවත්වාගෙන යාමටද සියලු කටයුතු සම්පාදනය කර ඇති බව යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment