පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කොවිඩ් – 19 ආසාධිත ශිෂ්‍යාවක සොයා ගැණුනද ඒ පිළිබදව මේ වන තෙක් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැනුවත් කිරීමක් කර නොමැති බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් තොරතුරු නිකුත් කිරීමෙන් පසු ඔවුන්ද දැනුවත් වුණු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ පවසති.
මේ වන විට ජයවර්ධනපුර විශව් විද්‍යාලයේ සහෝදරියකට කොවිඩ් – 19 අසාධනය වී ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ශිෂ්‍යාවකට කොවිඩ් – 19 වැළදී ඇති බවට තහවුරු කර ගත්තද ඊයේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කර නොතිබුණු බවත් ජිනරතන හිමියෝ පවසති.
තව දුරටත් අදහස් දක්වමින් ජිතරතන හිමියන් පැවසුවේ අදාළ සහෝදරිය ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ, තීරණ විද්‍යා අධ්‍යයන අංශයේ, තෙවන වසරේ ඉගෙනමු ලබන අතර පසුගිය 04 වනදා ඇය විශ්වවිද්‍යාලයේ දේශනයකටද සහභාගී වී ඇති බවයි. මෙම සහෝදරිය තවත් සහෝදරියන ්කිහපි දෙනෙකු සමඟ නේවාසිකව සිට ඇත්තේ විශව්විද්‍යාලය අසල බෝඩිම් කාමරයක වන බවත් ජිනරතන හිමියෝ පැවසුවේය.
මෙම කරුණු අනු තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීමේ බරපතල අවදානමක් පවතින අතර තොරතුරු සැගවීමෙන් එම අවදානම තව දුරටත් වැඩි වන බවද ජිනරතන හිමියෝ පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපත මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසුවේ කොවිඩ් – 19 ආසාධනය වූ ශිෂ්‍යාවගේ සමීපතමයින් දෙදෙනෙකු මේ වන විට නිවසේම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර තවත් 53 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.
