බදුර්දීන් නිදහස් කළ පොලිස් ලොක්කෝ නීතිපති හමුවට

by admindasun
0 comment 71 views

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැක පිට අත්අඩංගුවට ගෙන සිට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොයුරකු වන රියාද් බදුර්දීන් මහතා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ෂණ නිළධාරියා නීතිපතිවරයා විසින් හෙට දිනයේදී කැදවා ඇත.

එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියාද් බදුර්දීන් මහතා නිදහස් කිරීමට සම්බන්ධ සියලු විමර්ෂණ තොරතුරුද රැගෙන එන ලෙස නීතිපතිවරයා විසින් දන්වා තිබේ.

පසුගියදා රියාද් බදුර්දීන් මහතා නිදහස් කිරීමත් සමග විවිධ පාර්ශ්ව විසින් ඒ පිළිබද විරෝධතා එල්ල කළ අතර ඒ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද ප්‍රසිද්ධියේ විවේචනය කළහ.

තවද එම නිදහස් කිරීමට විරුද්ධව පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100කගේ අත්සන්වලින් යුතු පෙත්සමක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බාර දෙන ලදී.

එහිදී ජනාධිපතිවරයා විසින් මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කිරීමටද පොරොන්දු විය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment