OPPO F Series දුරකථන මාලාවේ නවතම දුරකථනය වන ‘OPPO F17 Pro’ ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට OPPO සමාගම මේ වන විට කටයුතු යොදා තිබේ. AI තාක්ෂණය සහිත කැමරා 6 ක පද්ධතියකින් සමන්විත OPPO F17 Pro දුරකථනය ඡායාරූපකරණ හැකියාව, නිමාව සහ බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතාකිරීම වැනි අංශ වලින් කැපීපෙනෙන ලෙස ඉදිරියෙන් සිටිනු ඇත.
අඟල් 6.43 Full HD+ තිරයක් සමගින් එන ‘OPPO F17 Pro’ දුරකථනයෙ හි යොදා ඇති Mini-Dual Punch Hole සඳහා තිරයෙන් සුළු ඉඩක් පමණක් වෙන්වන නිසා තිරයට බාධාවීම අවමය. මිලිමීටර් 7.48 ක් තරම් සිහින් නිමාවකින් සහ ග්‍රෑම් 164 තරම් කුඩා බර ප්‍රමාණයකින් යුත් මෙම දුරකථන Magic Blue සහ Matte Blue යන වර්ණ දෙකෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.
Quad rear camera setup සහිත මෙම නව දුරකථන මාදිලියේ පසුපස 48MP කැමරා මූලික කැමරාවක්, 8MP Wide-angle කැමරා දෙකක් සහ 2MP කැමරා දෙකක් යොදා ඇත. එහි ඉදිරිපස යොදා ඇත්තේ 16MP Primary Sensor සහ 2PM Depth Sensor කැමරා දෙකකි. Ultra steady Video හැකියාව නිසා සෙලවෙන තත්ත්වයන් තුළ ලබාගත් වීඩියෝ දර්ශන පවා වඩා පැහැදිලිව, ස්ථාවරව හා තියුණුව දිස්වනු ඇත.
මේ සියල්ල නිසා වඩාත් විශිෂ්ට තත්ත්වයේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතරම, Colour Portrait වැනි විශේෂාංග මගින් ඡායාරූපයක ඉලක්කය වර්ණවත්ව හා පසුබිම කළු සහ සුදු ලෙස හා Bokeh effect සහිතව ඉලක්කය වඩාත් පැහැදිලිව හා පසුබිම බොඳවී වර්ණවත්ව ඡායාරූප ලබාගත හැකිවේ. තවද Oppo F17 හි Pro AI Super Night Portrait මගින් රාත්‍රී කාලවල අඩුලෝක තත්ත්වයන් යටතේ පවා පැහැදිලි සෙල්ෆි ඡායාරූප ගැනීමට අවස්ථාව ලැබෙන නිසා කෙනෙකුට තම සංචාරයන් අතරතුර විශිෂ්ට මට්ටමේ ඡායාරූප ගැනීමට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
128GB මතක ධාරිතාවකින් යුත් Oppo F17 Pro හි එම ධාරිතාව MicroSD card slot භාවිතයෙන් 256 GB දක්වා වැඩි කළහැකිවේ. මෙහි යොදා ඇති 4015mAh බැටරිය සඳහා 30W VOOC Flash Charge 4.0 fast charging තාක්ෂණය භාවිතා කළහැක. මෙම තාක්ෂණය මගින් විනාඩි 5 ක කාලයක් තුළ බැටරිය 14% ක් ආරෝපණය කළහැකි අතර එමගින් පැය 4 ක කතා කාලයක් ලැබන අතර, පැය 1.9ක් Instagram භාවිතාකිරීම මෙන්ම, පැය 1 ක කාලයක් ඡායාරූප ගැනීම, විනාඩි 36ක් PUBG ක්‍රීඩාවේ යෙදීම හෝ පැය 1.7 ක් You Tube භාවිතා කිරීම සිදුකළ හැකිවේ. මෙය Oppo F17 Pro හි කාර්යක්ෂම බලශක්ති කළමනාකරණයට මනා උදාහරණයකි.
ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ට දිවයින පුරා විසිරුණු OPPO බලයලත් අලෙවිසැල් වෙතින් දැන් OPPO F17 Pro දුරකථන පෙර-ඇණවුම් කළ හැකි අතර ඒ ඔස්සේ OPPO Enco Free W11, OPPO backpack හා Dialog 50GB data මාස දෙකකට නොමිළයේ ලබාගැනීමට අවස්ථාවක්ද හිමිවේ.
