ස්ථාන රැසකින් අදත් කොවිඩ් රෝගීන්

by admindasun
0 comment 158 views

කොළඹ ජාතික රෝහලේ සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවකයන් හතර දෙනෙකුට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොවිඩ් – 19 රෝගය ආසාධනය වී ඇති බවට අද දින තහවුරු ව බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ කොළඹ ජාතික රෝහලේ කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වූ අය මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවකයන් සමග සබදතා තිබූ අය බවයි.

එසේම එම රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් මේ නිසා තාවකාලිකව වසා දැමුණු බවත් ඔහු කියා සිටියේය.

එසේම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ගරුසිංහ විජේසූරිය පැවසුවේ එම රෝහලේ කොවිඩ් – 19 ආසාධිත බවට තහවුරු වූ සුළු සේවිකාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය කොළඹ ලෙස්ලි රණගල මාවතේ නවාතැන් ගෙන සිටි අයෙකු බවයි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජේමුණි පැවසුවේ බෙරැල්ල ලෙස්ලි රණගල  මාවතේ එම කාන්තාව නාවතැන් ගත් සිල් මාතා ආරාමයේ සහ ඒ අවට අය අද දිනයේදී පීසීආර් පරීක්ෂණ සදහා යොමු කළ බවයි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසර ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකට කොවිඩ – 19 ආසාධනය වී ඇති බව තහවුරු වූ අතර එම නිසා එම පීඨයේ නේවාසිකාගාරවල සිටින දරුවන්ට එමගින් පිට නොවන ලෙස ඉල්ලා සිටි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසුවේය.

එසේම ඇයග‌ේ සමීපතමයින් 53 දෙනෙකු මේ වන විට හදුනා ගෙන ඇති අතර ඔවුන්ටද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් මහාචාර්ය ලියනගේ පැවසුවේය.

මේ අතර දික්ඔ්විට ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකුටද උණ රෝගය වැළදීමෙන් පසු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු විය.

එනිසා එම ධීවර වරායද තාවකාලික වසා දැමීමට කටයුතු කරන ලදී.

තවද කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා 03ක්ද එම කර්මාන්තශාලාවලින් කොවිඩ් – 19 රෝගීන් 11ක් හදුනාගැනීමත් සමග තාවකාලිකව වසා දමන ලද බව ගුවන් තොටුපළ සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment