අද දිනයේදී කොවිඩ් රෝගීන් 103ක්

by admindasun
0 comment 56 views

අද දිනයේදී වාර්තා වුණු සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 103ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම 103 දෙනා අතරට මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 02 දෙනෙකු ඇතුළත් වන අතර ඉතිරි 101 දෙනා එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ ඇගළුම් කම්හල ආශ්‍රිතව හදුනා ගැණුනු කොවිඩ් පොකුරෙන් මේ වන විට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 1186 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව මේ වන තෙක් මෙරටින් වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වන 4628 දෙනා අතුරින් 1309 දෙනෙකු මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනයේදීද සම්පූර්ණ සුවය ලබා රෝගීන් 10 දෙනෙකු නිවෙස් බලා පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 3306ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment