20 වන ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා කෙටුම්පතට එරෙහිව ගොනු කරන ලද පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද ලබාදී ඇත.
ඒ අනුව එය පාර්ලිමේන්තුවට දැනුම්දීම ඔක්තෝබර් මස 20 වන දින පාර්ලිමේන්තුව යළි රැස් වීමෙන් පසු සිදු කිරීමට නියමිත බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ව්‍යාවස්ථා කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39ක් පමණ ඉදිරිපත් කෙරුණු අතර ඉන් බහුතරයක් ගොනු කරනු ලැබේ සමගි ජන බලවේගයට අයත් දේශපාලන සංවිධාන විසිනි.
