කොවිඩ් රෝගීන් තවත් ඉහළ ගියොත් රෝහල්වල අර්බුදයක්

by admindasun
0 comment 89 views

දැනට වාර්තා වන මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් රෝගීන් ගණන තව දුරටත් ඉහළ ගියහොත් ඔවුනට ප්‍රතිකාර ලබාදීම සදහා මෙරට රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වීමෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ හිටපු ලේකම් සහ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ දැනට පවතින තත්ත්වය අනුව මෙම කොවිඩ් පොකුර තව දුරටත් විශාල වන බවයි.

එය දිගින් දිගටම විශාල වුවහොත් මානව සම්පත, භෞතික සාධක, ඇදන්, දැඩි සත්කාර ඒකකවල පහසුකම් වැනි දේ සීමා විය හැකි බවත් වෛද්‍ය අළුත්ගේ පැවසුවේය.

එනිසා ඉදිරි පැය 24 ඉතාමත්ම තීරණාත්මක බවත් ඔහු පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment