මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සිටි සේවක සේවිකාවන්ගෙන් තවත් 190 දෙනෙකුට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම පොකුරේ ආසාධිත සංඛ්‍යාව 1022 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
එසේම මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදු කරන ලද සේවක සේවිකාවන්ගේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ සදහන් කරයි.
