වහාම ක්‍රියාත්මක වන පරිදි සීදූව පොලිස් බල ප්‍රදේශය තුළද පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අද උදෑසන ජා – ඇළ සහ කදාන පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇදිරි නීතිය පැනවූ අතර මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවය කළ සේවකයින් පිරිසක් තවමත් පරීක්ෂණ සදහා ඉදිරිපත් නොවීම නිසා මෙසේ ඇදිරි නීතිය පනවන බවත් ඔහු පැවසුවේය.
