මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇති වී තිබෙන කොවිඩ් පොකුර හේතු කොට ගෙන මීගමුව පොලිස් කොට්ඨාසයේ කදාන සහ ජා – ඇළ පොලිස් බල ප්‍රදේශවලටත් ඇදිරි නීතිය පනවා ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අදාළ ඇගළුම් කම්හලේ සේවය කරන කදාන සහ ජා – ඇළ ප්‍රදේශවල සේවකයින් තවමත් පරීක්ෂණ සදහා ඉදිරිපත් වී නොමැති නිසා මෙම තීරණය ගැනීමට සිදු වුණු බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.
එනිසා මෙම සේවකයින් සොයා ගන්නා තුරු මෙම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවත් ඔහු පවසයි.
එසේම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අයෙකු සමග පසුගිය සතියක පමණ කාලය තුළ යම් කෙනෙක් ඇසුරු කළේ නම් වහාම පරීක්ෂණ සදහා ඉදිරිපත් වන ලෙසත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
