කොවිඩ් – 19 ආසාධිත කාන්තාවක් හදුනාගනු ලැබූ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් 246 දෙනෙකුට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව ඇගළුම් කර්මාන්තශාලාවේ සේවිකාව හදුනාගැනීමත් සමග ඒ ආශ්‍රිතව තහවුරු කර ගන්නා ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 569ක් බවත් එම අංශය පැවසුවේය.
මේ වනවිට ඒ ආශ්‍රිත පුද්ගලයන්ට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කෙරෙමින් පවතින බවත් දැනගන්නට තිබේ.
