ගෙවෙන පැය 72 ඉතාම අවධානයෙන් සිටින්න

by admindasun
0 comment 94 views

දිවුලපිටිය ප්‍රදේශයේදී කොවිඩ් – 19 ආසාධිතයෙකු සෙයා ගැනීමත් සමග ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන ගෙවෙන පැය 72ක කාලය තුළ ඉතාමත් අවධානයෙන් පසුවන ලෙස කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොවිඩ් ආසාධික කාන්තාව සමග ළගින් ඇසුරු කළ පිරිස මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවල මේ වන විට ලැබී ඇති ප්‍රතිඵලවලට අනුව එම කාන්තාවගේ 16 හැවිරිදි දියණියට පමණක් කොවිඩ් ආසාධිත බවට තහවුරු වී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 600කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.

තව දුරටත් කකා කළ යුධ හමුදාපතිවරයා කියා සිටියේ අත්‍යවශ්‍ය ගමන් බිමන් හැරෙන්නට හැකිතාක් නිවසේ රැදී සිටින ලෙසත් මෙම පැය 72ක කාලය ඉතාමත් අවධානයෙන් සිටින ලෙසත්ය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment