දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාධිතයෙකු හමුවීමත් සමග මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය සැලකීමේදී මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් මේ වන විට නොමැති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කෙසේ වෙතත් මේ වන විට සිදු කර ඇති පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල සහ ඉදිරියේදී සිදු කෙරෙන විමර්ෂණ කටයුතු අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.
තවද මේ වන විට ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඊට අදාළ නීත කඩකළ 10 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
