කැළණිය විශ්වවිද්‍යාලය සහ ඊට අනුබද්ධ යක්කල පිහිටි වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ් අනුව විශ්වවිද්‍යාල සහ දේශීය වෛද්‍යායතනයේ නේවාසිකාගාරවල සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන් වහාම ඉවත් වන ලෙසත් දන්වා ඇත.
මේ වන විට දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් – 19 ආසාධනය වීම නිසා විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ උද්ගත වී ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේය.
