දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආරක්ෂක අංශවල අයට සේවයට නොපැමිණෙන ලෙස දන්වයි

by admindasun
0 comment 147 views

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල වාසය කරන යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්වල සේවය කරන සියලු දෙනාට රාජකාරී ස්ථානවලට වාර්තා නොකරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති සහ කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තවද අදාළ ප්‍රදේශ දෙක හැර ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් හෙට දිනයේ පමණක් සේවයට වාර්තා නොකරන ලෙසද දන්වා ඇත.

එසේම මෙම ප්‍රදේශවල කදවුරු තුළ සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් කදවුරු තුළම රැදී සිටින ලෙසත් යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment