දිවයිනේ සියලු පාසල් හෙට සිට නිවාඩුයි

by admindasun
0 comment 69 views

සියලුම රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල් සදහා අදාළ වන දෙවන වාර පාසල් නිවාඩුව හෙට සිට ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව ලබන සිකුරාදා දින සිට ක්‍රියාත්මක වීමට තිබූ දෙවන වාර පාසල් නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයෙන් ක‌ොව්ඩ් – 19 රෝගියෙකු වාර්තා වීම නිසා ඇතිවී තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් එම අමාත්‍යංශය නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment