ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ උපකාරක පංති සතියක කාලයකට වසා දමන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව ලබන සිකුරාදා දක්වා එම දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ පෞද්ගලික උපකාරක පංති ක්‍රියාත්මක නොවේ.
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 රෝගියෙකු හදුනා ගැනීමත් සමග උද්ගත වී ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපනය අමාත්‍යංශය පැවසුවේය.
