දිලංක ගුණතිලක
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, අර්ජුන් රිෂියා ප්‍රනාන්දු සහ මොහොමඩ් හෆීස් මාර්සෝ යන මහත්වරුන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සහ අභියාචනා උපදේශක කමිටුවේ නව සාමාජිකයින්ට පසුගිය සිකුරාදා (02) පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.
විනිසුරු කන්කානි තන්ති චිත්‍රශ්‍රී (සභාපති), චන්දක ජයසුන්දර මහතා, ඩිනල් මාරියෝ රෙක්ස් පිලිප්ස් පීසී, සිදත් වෙත්තමුනි, දමයන්ති දර්ශා, අරිත්ත රාහුල වික්‍රමනායක මහතා සහ රොෂානි මාරි කොබ්බෑකඩුව මහත්මිය ක්‍රීඩා අභියාචනා හා උපදේශක කමිටු සාමාජිකයින් වේ.
ජාතික ක්‍රීඩා වෙනුවෙන් විශාල ක්‍රීඩක ආයෝජනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කර ඇති අවසථිවක තමා මෙම තනතුරට පත්කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් තමාට රට වෙනුවෙන් ලබාදුන්මේ වගකීම උපරිමයෙන් ඉටුකර මෙරට ක්‍රීඩාව ලොවඉහළ මට්ටමකට ගෙන ඒමට කළ හැකි උපරිම සේවය සිදුකරන බවත් මෙ පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

