දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කඵවැව මහතා පැවසුවේ නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇදිරි නීතිය එම ප්‍රදේශවලට ක්‍රියාත්මක වන බවයි.
ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දිවුලපිටිය ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවය කළ 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් – 19 වැළදී ඇති බවට තහවුරු වීම නිසා අද දින ඇය අයි ඩී එච් රෝහලට ඇතුළත් කළ බව යුධ ඔහු පවසයි.
මෙම කාන්තාව උණ රෝගයක් නිසා රෝහල්ගත කර ඇති අතර එය සුවවී පිටව යාමට ප්‍රථම සිදු කරන ලද පීසීආර් පරීක්ෂාවේදී ඇයට කොවිඩ් – 19 ඇති බවට තහවුරු වී ඇත.
එසේම ඇයගේ සමීපතයින් 40 දෙනෙකු සහ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බවත් කළුවැව මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් තව දුරටත් සිදු කරන ලබන පීසීආර් පරීක්ෂණවලට අදාළව ඉදිරි කටයුතු සිදු කරන බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් කතා කළ කළුවැව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අදාළ සෞඛ්‍ය උපදෙස් තව දුරටත් නිසියාකාරව පිළිපදින ලෙසයි.
