පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව කරනු ලබන විමර්ෂණවලදී හිටි හැටියේම සැකකරුවන් නිදහස් කිරීම පිළිබදව තමා අප්‍රසාදය ප්‍රකාශ කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ පවසති.
අද දින අගරදගුරු නිළ නිවසේදී මාධ්‍ය අමතමින් කාදිනල් හිමියන් පැවසුවේ එසේ මෙම සැකකරුවන් නිදහස් කිරීම පිළිබද දේශපාලන ඩීල් එකක් ඇති බවට තමාට සැක බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධය විමර්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතරතුර අධිකරණ ක්‍රියාවලියකින් තොරව සැකකරුවෙකු නිදහස් කර ඇති අතර එම සැකකරු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට මාස 05කට පමණ කරන ලද ප්‍රකාශද දැන් ඔහුගේ ප්‍රකාශ සමග පරස්පර විරෝධී බවත් ඔහු කියා සිටියේය.
මෙහිදී මීට මාස 05කට පෙර එම සැකකරු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය මෙම මාධ්‍ය සාකච්ඡාවේදී කාදිනල් හිමියන් විසින් දුරකථනයකින් විකාශය කර පෙන්විය.
මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් හිමියෝ කියා සිටියේ රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා සමග පසුගියදා ආණ්ඩුවේ ඇමැතිවරු හැසිරුණු ආකාරය නිරීක්ෂණය කළ විට ඔවුන් සමග ආණ්ඩුවට දේශපාලන ඩීල් එකක් ඇති බවට සැක පහළ වන බවයි.
තව දුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාව සහ ඔවුන්ගේ පවුල්වල අය ඒ පිළිබදව පාලකයන්ගෙන් සාධාරණයක් ඉටුවන තෙක් බලා සිටින වාතාවරණයකදී මෙසේ සැකකරුවන් නිදහස් කිරීම පිළිබදව තම ප්‍රබල අප්‍රසාදය පල කරන බවයි.
