ඇමරෙිකානු ජනපති රෝහල්ගත කරයි

by admindasun
0 comment 39 views

කොවිඩ්මෙ – 19 ආසාධිත බවට තහවුරු වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් ධවල මන්දිරය තුළ නිරෝධායනයට ලක් කළද පසුව රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සදහා ඔහු වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

සිකුරාදා දින ට්‍රම්ප් ජනාධිපතිවරයාට කොවිඩ් – 19 වැළදී ඇති බවට තහවුරු වුවත් උප ජනාධිපතිට සහ කථානායකවරයාගේ කරන ලද පරීක්ෂණවලට අනුව ඔවුනට වෛරසය වැළදී නොමැති බවට තහවුරු වී ඇත.

රෝහල්ගත කිරීමෙන් පසු ට්‍රම්ප් විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ ඔහුට වෛරසය නිසා අපහසුවක් නොමැති වුවත් වැඩිදුර ආරක්ෂාව සදහා රෝහල්ගත වූ බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment