තවත් ඖෂධ කම්හලක් විවෘත වේ

by admindasun
0 comment 32 views

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.02 දින එක්විය.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඹෟෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඹෟෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේදී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමඟාමීව දේශීය ඹෟෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය ඔස්සේ ඉදිරියේදී  විදේශීය ඇණවුම් සඳහා  ඹෟෂධ නිෂ්පාදනය ද සිදු වේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, හේමාස් සමූහ ව්‍යාපාරයේ සභාපති හුසේන් යුසුක් අලි, මොරිසන් පී.එල්.සී. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මුරතාසා යුසුක් අලි මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment