කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා වාහන මෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ නීති ඊති උල්ලංඝණය කරමින් මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන තොගයක් රේගු භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මෙසේ ආනයන සීමා නීතිවලට පටහැනි ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 300ක් පමණ ඒ අතර ඇති බවයි.
මෙම වාහන මූලික වශයෙන් එංගලන්තයෙන් සහ ජපානයෙන් ආනයනය කර ඇති අතර ඒ සදහා අවශ්‍ය ණයවර ලිපි ඇතුළු අනෙකුත් දේ සීමා කරන ලද ආනයන නීති සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට පටහැකි බවත් ජයරත්න මහතා පැවසුවේය.
එසේම මෙම වාහන සම්බන්ධයෙන් වූ පරීක්ෂණ මේ වන බොහෝ දුරට අවසන් කර ඇති අතර මෙම වාහන රාජසන්තක කිරීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය.
