කාන්තාවන් ගෘහ සේවයට යවනවාට කම්කරු ඇමැති විරුද්ධ වෙයි

by admindasun
0 comment 42 views

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත්, ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බවත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ අද සමහරු සැප විදින්නේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කොට අප රටට එවන මුදලින් බවය.

එම නිසා විදෙස් රැකියා සඳහා යන කාන්තාවන් ගෞරවාන්විත රැකියා සඳහා යොමුකිරීමේදී අනෙක් රටවල විදේශ රැකියා සඳහා පිටත්කරන කාන්තාවන්ට ලබා දෙන පුහුණුවට වඩා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව  අවධාරණය කළේය.

ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියළුම සහය ලබා දෙන බවත්, ඉදිරියේදී, රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment