20 වෙනි සංශෝධන කෙටුම්පත අධ්‍යයන වාර්තාව බාර දෙයි

by admindasun
0 comment 20 views

20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දෙන ලදී.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය.

විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පසුගියදා පත් කර තිබිණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment