ඊශ්‍රායල රජය සහ ශ්‍රි ලංකා රජය ඇති කර ගත් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඊශ්‍රාලයේ ගෘහස්ථථ සාත්තු සේවා සහ කෘෂිිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රි ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින් යවනු ලැබු ලාංකිකයන්ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයන් ගෙන් වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදි තවදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකීක ශ්‍රමිකයන් යැවිමට අවස්ථාවක් නොමැති බවය.
එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයන් යැවිම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදි පැවසීය.
