ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් බස් තීරුවටම

by admindasun
0 comment 49 views

ඊයේ සිට දැඩිව ක්‍රියාත්මක කෙරුණු මංතීරු නීතියට අනුව මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථද බස් ධාවන තීරුවේම ගමන් කළ යුතු බව පොලිසිය පවසයි.

එම ප්‍රතිපාදනය අද සිට ක්‍රියාත්මක වන බවද පොලිසිය නිවේදනය කළේය.

ඊයේ දිනයේදී මහා මාර්ගවල කරන ලද නිරීක්ෂණවලට අනුව ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් හදිසියේම ධාවන තීරුව මාරු කරන අතර එය අනවශ්‍ය වාහන තදබදයකට හේතු වන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේය.

ඒ අනුව ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment