සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීමට යයි

by admindasun
0 comment 26 views

පුනර්ජනනීය බලශක්තිය තව දුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙහි ඇති සුවිශේෂීත්වය වේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී ඇති බැවින්, ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් වන බැටරි නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරිම රටේ ආර්ථිකයට වඩාත් ලාභදායි වනබවත්, එමෙන්ම මෙම ව්‍යෘපෘතිය රට තුළ ස්ථාපිත කිරීමෙන් දේශීය වශයෙන් රටේ රැකියා ව්යුක්තියටද කදිම විසදුමක් වන බව බවත් පැවසූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,  ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික තාක්ෂණික ඥාණය‍, මෙසේ සිය මව් රටට දායාද කිරීමට යොමුවිම සුවිශේෂී වන බව පැවසීය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment