මෙරට කොවිඩ් – 19 හේතුවෙන් වාර්තා වුණු 13 වන මරණය අද දින වාර්තා විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර හලාවත මූලික රෝහලේදී ඔහු මියගොස් ඇති බවයි.
ඔහු නාවිකයෙකු ලෙස සේවය කර ඇති අතර බහරේන් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2020 සැප්තැම්බර් 02 වන දිනය.
තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමරවීරට අනුව එම අවස්ථාවේදී කොවිඩ් – 19 රෝගියෙකු ලෙස මෙම පුද්ගලයා හදුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක් කරමින් සිටින අතරතුර සැප්තැම්බර් මස 09 වන දි හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම මරණයට ආසන්නතම හේතුව හෘදයාබාධයක් බවත් වෛද්‍ය සමරවීර පැවසුවේය.
