මංතීරු නීතිය එක් දිනකින් සාර්ථක වන්නේ නෑ

by admindasun
0 comment 42 views

අද දින සිට යළි ක්‍රියාත්මක කරන ලද මං තීරු නීතියේ සාර්ථකත්වය එක් දිනකින් මැනිය නොහැකි අතර එහි උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ටික දිනක් ගත වන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේය.

මෙම නීතිය ක්‍රියාත්මක කර පළමු දින තුන ඇතුළත මාර්ගවල ගමන් කරන වාහනකරුවන් ඒ පිළිබදව දැනුවත් කිරීමට කටයුතු කරන අතර ඔවුන් සදහා දඩුවම් කිරීමක් සිදු නොකරන බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා පැවසුවේ මෙම දිනවලදී පොලිසිය විසින් ජනමාධ්‍ය යොදාගෙන මංතීරු භාවිතය පිළිබදව ජනතාව දැනුවත් කරන බවත් ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතාට අනුව මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථකරුවන් ඔවුන් ගමන් කරන මං තීරුව හදිසියේ වෙනස් කරන බැවින් අනවශ්‍ය වාහන තදබදයක් ඇති වන අතර ඒ පිළිබදව ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කිරීමට පොලිසිය ඉදිරියේදී කටයුතු කරනු ඇත.

මෙම දැනුවත් කිරීම්වලින් අනතුරුවත් මංතීරු නීතිවලට පටහැනිව ක්‍රියාකරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment