එජාප නියෝජ්‍ය නායක රුවන්

by admindasun
0 comment 36 views

අද පැවැති රහස්‍ය ඡන්දයකදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් විජේවර්ධන මහතා තේරී පත්විය.

මෙම ඡන්දයේදී රුවන් විජේවර්ධන මහතා සහ හිටපු නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතා ඉදිරිපත් විය.

මෙම ඡන්දය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අතර පැවැති අතර රුවන් විජේවර්ධන මහතාට පක්ෂව ඡන්ද 28ක් ලැබුණු අතර රවි කරුණානායක මහතාට හිමි වුණේ ඡන්ද 10ක් පමණි.

රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක ලෙස කටයුතු කරන බවද පක්ෂය නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment