ඊයේ රාත්‍රියේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැරදිවලට සැක පිට 699ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මෙහෙයුම ඊයේ රාත්‍රි 07 සිට 09 දක්වා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇත.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල් මෙන්ම වෙනත් හුදෙකලා ස්ථානවලදී බවත් පොලිසිය වැඩි දුරටත් පැවසුවේය.
එසේම මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැටලීම් තව දුරටත් නොකඩවා ක්‍රියාත්මක වන බව රජය පවසයි.
