උපාධිධාරීන් හෙට රාජ්‍ය පරිපාලනය වට කරයි

by admindasun
0 comment 606 views

රැකියාලිභී උපාධිධාරීන් තම පත්වීම් ස්ථිර කර දෙන ‌ලෙස ඉල්ලා හෙට (14) උදෑසන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත යාමට සැළසුම් කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිළධෘරී මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා පවසයි.

2019 දී බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන තෙක් ඉදිරිපත් කර නොමැති අතර ඔවුන් දැනට වසරක පුහුණුව අවසන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

වසරක පුහුණුව අවසන් කිරීමෙන් පසු ඔවුන් ස්ථිර කළ යුතු වුවත් මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමවලට ප්‍රතිචාරයක් නොමැති බැවින් තම සාමාජිකයින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත යාමට අදහස් කළ බව මුණසිංහ මහතා කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව නියමිත ක්‍රමවේදයට අනුව එසේ අභ්‍යාසලාභීන් ලෙස බදවාගත් උපාධිධාරීන් වසරකින් ස්ථිර කළ යුතු වුවද ආණ්ඩුව එය දිගින් දිගටම මග හරිමින් සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment