වෛද්‍ය, නීතිඥ ඉපයීම් ගැන සොයන්න

by admindasun
0 comment 39 views

මෙරට වෛද්‍යවරුන් සහ නීතිඥයින් උපයන මුදල් පිළිබදව මේ වන විට නිසි විගණනයන් සිදු නොවන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ එසේ එම වෘත්තිකයින් උපයන මුදල්වලට විගණනයක් නොමැති හෙයින් ඒ පිළිබදව ආර්ථිකයට ඇති දායකත්වය ගිලිහී ගොස් ඇති බවයි.

වෛද්‍යවරුන් එක් වරුවකට චැනල් පහසුකම්වලින් විශාල ආදායමක් උපයන අතර නීතිඥවරුවන්ගේ ආදායම් පිළිබදවද නියමිත ගණනක් නොමැති බව වීරසිංහ මහතා පැවසුවේය.

මෙම මුදල් සම්බන්ධයෙන්ද මීට වඩා සොයා බලා ගනණය කළ හැකිනම් එහි දායකත්වයද මෙරට ආර්ථික සංවර්ධනයට යොදා ගත හැකි බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment