රු. 19,990 ක මිලකට 4,000mAh බැටරියක්, 2GB RAM සහ 32GB ROM සහිත OPPO A1k දුරකථන මාදිලිය හඳුන්වා දීමත් සමඟ සෑම මිලකටම අයත් මාදිලි රැසක් OPPO සමාගම සතූවන අතර සහන මිලට මිලදීගත හැකි, එහෙත් ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් OPPO ස්මාර්ට්ෆෝන් විශේෂාංග අත්විඳීමේ මහඟු අවස්ථාවද ශ්‍රී ලාකිකයන්ට ලැබෙනු ඇත.
රු. 20,000 කට අඩු ස්මාර්ට්ෆෝන් කාණ්ඩය මින් ඉදිරියට මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොළේ සැබෑ වෙනසක් ඇතිකරන කාණ්ඩයක් වනු ඇති අතර, එය රටේ ඉහළ යමින් පවතින ස්මාර්ට්ෆෝන් භාවිතය තවදුරටත් පුළුල් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයනු නිසැක ය.
OPPO A1k දුරකථන මාදිලියේ ඇතුළත් 4,000mAh බැටරිය එම කාණ්ඩයේ විශාලතම බැටරි අතරින් එකක් වන අතර, ඒ නිසාම එය ආරෝපණය කිරීමෙන් තොරව දවසක් පුරා (පැය 17 ක්) භාවිතා කිරීමට හැකි වේ. එමෙන්ම වඩාත් විශාල මතක ධාරිතාවක්, එනම් 2GB RAM සහ 32 GB ROM සමග 256GB දක්වා ධාරිතාවවැඩි කිරීමේ හැකියාව සහිත මෙය ඡායාරූප හා දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමට ඉඩකඩ සලසා දෙයි. අඟල් 6.1 HD+ තිරයක් සහිත නිසා වීඩියෝ නැරඹීමේදී සහ වීඩියෝ ක්‍රීඩා වල යෙදීමේදීද සුවිශේෂී අත්දැකීමක් හිමිවනු ඇති අතර, Corning Gorilla Glass 3 නිසා තිරයේ සවිශක්තියද වැඩිවී තිබේ.
සරල විලාසිතාවක් සහ Matte නිමාවක් සහිත OPPO A1k මාදිලිය සැබැවින්ම ආකර්ෂණීය දුරකථන මාදිලියකි. තනි වර්ණයකින් යුත්, සවිමත් නිමාවක් සහිත, ඇඟිලි සලකුණු රැඳීම අවම කරන පසුපස පැනලයක් එයට යොදා ඇත. දැනට දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වර්ණ ලෙස සැලකෙන වර්ණ සිය ගණනක් අතරින් තෝරාගත් ප්‍රමුඛතම සහ ජනප්‍රියම වර්ණ දෙකකින් මෙම දුරකථන මිලදීගත හැකි වේ.
OPPO A1k දුරකථන මාදිලියේ Brilliant Portrait හැකියාව සහිත කැමරාවේ Bokeh Effectමගින් වඩාත් විශිෂ්ට හා සුවිශේෂී ලෙස දිස්වන ඡායාරූප ලබාදෙයි. පසුපස කැමරාව වඩාත් හොඳ තත්ත්වයේ ඡායාරූප ලබාදීමට සමත් වන අතර Multi-Frame සහ Anti-Vibration තාක්ෂණයන් නිසා ස්ථාවර සහ පැහැදිලි වීඩියෝ දර්ශන ලබාගත හැක. ඡායාරූප අලංකාර කිරීමේ හැකියාව (Beautification function) සමගින් එය ඡායාරූප වලට වඩාත් ස්වාභාවික හා ආකර්ෂණීය බවක් ලබාදෙයි.
නවීන විලාසිතාවෙන් හැඩවී, Water-drop style notch තිරයක් සහිතව, Android Pie OS තාක්ෂණය පදනම් කරගත් ColorOS 6 මෙහෙයුම් පද්ධතිය සමගින් පැමිණෙන OPPO A1k දුරකථන මාදිලිය වීඩියෝ නැරඹීමට මෙන්ම මූලික මට්ටමින් වීඩියෝ ක්‍රීඩා වල නිතර වීමටද ඉතාමත් සුදුසු ය. වඩාත් බලවත් බැටරියක් සහිත නිසා එය එදිනෙදා Facebook, WhatsApp, Youtube, ZOOM, MS Teams සහ Chrome ආදිය භාවිතා කිරීමේදී ඉහළ මට්ටමේ ක්‍රියාකාරීත්වයක් ලබාදීමට සමත් වේ.
