මරණ දඩුවම නියම වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නමැති අය මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට විරෝධය පා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද දින පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියේය.
සමගි ජන බලවේගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයට නායකත්වය ලබා දෙයි.
මිනී මැරුම් චෝදනාවකට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කෙරුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවට අනුව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සදහා අද දින පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.
අභියාචනාධිකරණය විසින් ඊයේ දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලබාදුන් නියෝගය අනුව බන්ධනාගාර නිළධාරීන් විසින් ජයසේකර මහතා අද දින පාර්ලිමේන්තුව වෙත රැගෙන එන ලදී.
ඒ අනුව ඔහු මීට ටික වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙන ලදී.
