නාවලපිටිය ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායක කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට දිනයක් වෙන කර ගැනීමට නොහැකි වීම නිසා එම ආසනයේ උපාධිධාරීන්ගේ පත්වීම ලිපි ප්‍රදානය ප්‍රමාද වී ඇති බව රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියට ආසනයට අදාළ උපාධිධාරීන්ගේ පත්වීම ලිපි මේ වන තෙක් ලබා දී නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලූ විට මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරයා එම ලිපි ප්‍රදානය කිරීම සදහා දිනයක් වෙන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙය ප්‍රමාද වන බව දැනගන්නට ලැබුණු බවත් ඥානානන්ද හිමියෝ පැවසූහ.
තව දුරටත් අදහස් දැක්වූ ඥානානන්ද හිමියෝ පැවසුවේ නාවලපිටිය ආසනයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක පත්වීම් මෙසේ ප්‍රමාද වන අතර 300ක පමණ උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව සදහා යොමුවීම මේ නිසා ප්‍රමාද වන බවයි.
ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ පිළිබදව දැනුම් දුන්නද මේ වන තෙක් විසදුමක් ලැබී නොමැති බවත් එම නිසා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට මේ පිළිබදව පැමිණිලි කරන බවත් ඥානානන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
previous post
