රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 09 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 176 දක්වා පහත වැටී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දින සුවය ලබා පිටව ගිය සංඛ්‍යාවත් සමග මේ වන සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 2935ක් පමණ වන බවත් එම අංශය පවසයි.
කොවිඩ් – 19 ආසාධනය වූ මෙරට මුළු සංඛ්‍යාව 3123ක් පමණ වන අතර ඉන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
