විමලුත් කාදිනල් හිමි හමුවීමට යයි

by admindasun
0 comment 44 views
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අද දින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ බව එම පක්ෂය නිවේදනය කරයි.
එහිදී ජානිපෙ නායකයන් සමඟ පැයකට අධික කාලයක් කාදිනල්තුමන් සාකච්ඡාවක ද නිරත වූ අතර බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ රටේ වත්මන් තත්වය පිළිබඳවත් මෙරට කර්මාන්ත ප්‍රවර්ධනය පිළිබඳවත් මෙම සාකච්ඡාවේ දී අදහස් හුවමාරු වූ බවය.
මෙම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාද සහභාගී විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක්ද ඊයේ දිනයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග සාකච්ඡාවක් පැවැත්විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment