ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු පැමිණෙයි

by admindasun
0 comment 22 views

මිනී මැරුම් චෝදනාවකට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කෙරුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවට අනුව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සදහා අද දින පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.

අභියාචනාධිකරණය විසින් ඊයේ දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලබාදුන් නියෝගය අනුව බන්ධනාගාර නිළධාරීන් විසින් ජයසේකර මහතා අද දින පාර්ලිමේන්තුව වෙත රැගෙන එන ලදී.

ඒ අනුව අද සවස ඒ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

පසුගිය මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ජයසේකර මහතා මැතිවරණයට පෙර ජනාධිපතිවරණ සමයේදී සිදුවුණු මිනීමැරුම් චෝදනාවකට අදාළව රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම ලබා දෙන ලදී.

කෙසේ වෙතත් මැතිවරණයේදී ඒ මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ දෙවන ස්ථානය දිනාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment