කම්කරු අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙක් ඔහු සඳහා වෙන් කර ඇති සියලු පහසුකම් සහිත කාර්යාල කාමරය වෙනුවට වෙනත් කාමරයක් අවශ්‍ය බවත් ඔහු සඳහා ලබාදී ඇති අලුත්ම පුටුව වෙනුවට වෙනත් පුටුවක් මිලදී ගන්නා ලෙසත් අමාත්‍යාංශ නිලධාරීන්ට දන්වා ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ එම ආරංචි මාර්ග කියා සිටියේ ඔහුගේ කාර්යාල කාමරයේ ඔහුගේ පාවිච්චිය සඳහා ඇති අලුත්ම විධායක මේසය මේ වන විට ගලවා ඉවත් කොට ඒ වෙනුවට ඔහු මීට කලින් සේවය කළ කාර්යාලයක තිබූ පරණ මේසයක් ගෙනැවිත් ඇති අතර එම පරණ මේසයේ තීන්ත ආලේප කිරීම සඳහා අමාත්‍යාංශය විසින් රුපියල් 11000 ක පමණ වියදමක් දරා ඇති බවයි.
නම සදහන් නොකරමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍ය අවම පහසුකම් පවා සලසා දීමට අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වනවා වෙනුවට තමන්ගේ සුව පහසුව වෙනුවෙන් පමණක් කටයුතු කිරීම ඉතාමත්ම පිළිකුල් සහගත දෙයක් බවයි.
මෙම නිලධාරියා අමාත්‍යාංශයේ මෙන්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල නිලධාරීන්ට අමතන ආකාරයද කාර්යාලයක සේවය කරන්නෙකුට සුදුසු නොවන බවත් එම වෘත්තීය සමිති නිලධාරියා පැවසීය.
මෙම නිලධාරියාගේ අත්තනෝමතික ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉදිරියේදී පුලුල් විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.
