රජයේ සේවකයන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කළ බවට තම විරෝධතාව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඒ බව පැමිණිලි කළ බව ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේ සාමාන්‍යයෙන් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයෙකුට දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු හිමිවන අතර සංවර්ධන නිළධාරීන් ලෙස අලුතින් බදවා ගත් උපාධිධාරීන්ට එම නිවාඩු සංඛ්‍යාව 42 දක්වා කප්පාදු කර ඇති බවයි.
ඔවුන්ගේ ඉල්ලීම ලැබෙන තුරු මෙම විරෝධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් මුණසිංහ මහතා පැවසුවේය.

