20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

by admindasun
0 comment 32 views

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අද සවස නිකුත් කෙරුණු බව රජය පවසයි.

මේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර ඊයේ පැවැති කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා පැවසුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහාද 09 දෙනෙකුගෙන් යුත් කමිටුවත් පත් කර ඇති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment