ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ නාවික සැතපුම් 38ක් දුරින් ගිනිගෙන ඇති ඉන්ධන නෞකාවේ බලපෑම මෙරට මුහුදු තීරයට ඇතිවිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ මෙම නෞකාවේ ඇති ඉන්දන කාන්දු වුවහොත් එහි බලපෑම මෙරට මුහුදු සීමාවට එල්ල වන බවයි.
කුවේට් සිට ඉන්දියාව බලා ගමන් කරමින් තිබුණු මෙම නෞකාවේ ගින්න ඇතිවන විට ඉන්ධන ටොන් දෙලක්ෂ හැත්ත දහසක් පැවති අතර කාර්ය මණ්ඩලයේ පිරිස 23ක් පමණ සිටි බවත් පැවසේ.
මෙම නැව ඉන්ධන ප්‍රවාහනය කිරීම සදහා කුලී පදනම යටතේ ලබාගත් ඉන්දියානු ඔයිල් සමාගම අයත් නෞකාවක් බවත් පැවසේ.
