OPPO මෙරට 05වන සංවත්සරය සමරයි

by admindasun
0 comment 32 views

ලොව පුරා ජනප්‍රිය ජංගම දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කර වසර 05ක් වන බව සමාගම නිවේදනය කළේය. සමාජ මාධ්‍ය පිළිබද වැඩි උනන්දුවක් සහිත නව පරපුරේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් 2015 වසරේදී ශ්‍රී ලංකාවේ තම ව්‍යාපාර ආරම්භ කළ OPPO මේ වන විට නවීනතම තාක්ෂණය සහිත සහනදායී මිල ගණන්වවලින් යුතු දුරකථන හදුන්්ව්වා දෙමින් සියලුම වයස් කාණ්ඩවල පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගනිමින් මෙරට ජනප්‍රියම දුරකථන සන්නාමයක් බවට පත් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Xinda Lanka පුද්ගලික සමාගමේ (Oppo Sri Lanka) ප්‍රධාන විධායක නිළධාරී බොබ් ලී මහතා මෙසේ පැවසුවේය. පසුගිය වසර පහේදී ශ්‍රී ලංකාව තුළ අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබදව අප බෙහෙවින් සතුටු වනවා. ඒ සම්බන්ධයෙන් අපගේ බෙදාහැරීම් නියෝජිතයන්ට හා ව්‍යාපාරික හවුල්කරුවන්ට මෙන්ම අප කෙරෙිහි විශ්වාසය රැදවූ අපගේ හිතවත් පාරිභෝගිකයන් සියලුම දෙනාට අප ස්තුතිය පුද කරනවා, යැයි ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment