කෙනෙහිලිකම්වලට එරෙහිව වෛද්‍යවරු සටනට

by admindasun
0 comment 57 views

පසුගිය රජය සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ වංචා දූෂණ හෙළි කිරීමට කටයුතු කළ වෛද්‍යවරුන්ට එරෙහිව ආරම්භ කර ඇති අත්තනෝමතික පරීක්ෂණ අවසන් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම‌ට සිදුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් වූ බොහෝ පැමිණිල නිර්නාමිකව යොමු කළ ඒවා වූ අතර පළිගැනීමේ චේතනාවෙන්ම ක්‍රියාත්මක කළ ඒවා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වන වෘත්තීය ක්‍රියා මාර්ග තීරණය කිරීමට ලබන සදුදා දින විධායක සභාවේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවා ඇති බවත් වෛද්‍ය ප්‍රනාන්දු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment