නාමල් ජාතික ක්‍රීඩා සභාව පත් කරයි, සභාපති මහේල

by admindasun
0 comment 157 views

ජාතික ක්‍රීඩා සභාව සදහා අලුතින් පත් කරන ලද සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා එක් වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනයෙන් ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සාමාජිකයින් අද සවස එහි සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ.

නව ක්‍රීඩා සභාව  බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වූ අය වේ.

අද දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පත්වීම් ලද නව සාමාජිකයින්
01.   මහේල ජයවර්ධන මහතා – සභාපති
02.  කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
03.  ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
04.  රොවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
05.  සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
06.  ජූලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
07.  යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා  – කමිටු සාමාජික
08.  සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
09.  කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
10.  රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
11.  රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
12.  රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
13.  ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
14.  අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment