විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය හැන්සාඩ් එකෙන් එළියට?

by admindasun
0 comment 86 views

09 වන පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේදී කථානායකවරයාට සුබ පැතීමට ලබා දුන් අවස්ථාවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් ජාතිවාදී ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් තම දැඩි විරෝධතාව ප්‍රකාශ කරන බව පළාත් සභා සහ පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේය.

තම ඒ අවස්ථාවේදී එම ප්‍රකාශය සදහා විරෝධතාව ප්‍රකාශ නොකර සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කළ යුතු නිසා වන අතර ඒ පිළිබදව කථානායකවරයාට පැමිණිලි කර එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

එසේම විග්නේෂ්වරන් සහ ගජේන්ද්‍ර පොන්නම්බලම් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර වෙල්ලමුල්ලි වයික්කාල්හි සොහොන් පිටියක බවත් එහිදී ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවත් වීරසේකර අමාත්‍යවරයා පැවසුවේය.

එසේම විග්නේෂ්වරයන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ජාතිවාදී බවත් ස්වයං පාලනයන් පිළිබදව සදහන් කරමින් සිංහල ජාතියට අවමන් කළ බවත් අමාත්‍යවරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment